කාලීන යුග මෙහෙයවුරක් සිදුකිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම 2024
බෞද්ධ සංස්කෘතියෙන් ශක්තිමත් ජාතියක් වශයෙන් හැඩ ගැසුණු ආදි හෙළයන් අපට දායාද කළ හෙළ බොදු හැදියාවේ කේන්ද්‍රස්ථානය ගමේ පන්සලයි.ගමයි පන්සලයි අතර පැවතියේ මනා සුසංයෝගයකි. එහෙත් විවිධ හේතූන් නිසා ගමෙන් පන්සල ඈත් වී සීමිත අවශ්‍යතාවයන් කිහිපයකට පමණක් සීමා වීම නිසා බෞද්ධ දර්ශනය තුළින් ක්‍රියාත්මක වූ ජන ජීවිතය පුද පූජාවලට පමණක් සීමිත වූ ආගමක් ලෙස බුද්ධාගම වත්මන්හි බොහෝ විට දක්නට ඇත. මේ නිසා ළමා සහ තරුණ පිරිස් බුද්ධාගම යැයි දකින්නේ මේ ස්වල්පය පමණි. මේ බුද්ධාගමේ පරිහානියේ අවස්ථාවකි .
සැබැවින්ම බුද්ධාගම ක්‍රියාත්මක කළ ශීලය වූයේ සංස්කෘතිය හෙවත් හැදියාවයි . එහි අටමඟකි දක්නට තිබුණි. කෘෂිකර්මාන්තය ,වෙළඳාම තුළින් එදිනෙදා අනෙකුත් කටයුතුවලදීත් එය මහත්කොට දක්නට තිබුණි .
මිරිඟුවක් පසුපස දුවන මොහු අනවශ්‍ය තරගකාරීත්වයක් තුළ ජීවත් වෙමින් ළමයාගේ පටන් වැඩිහිටියා දක්වාම අත්පත්කර කරපින්නාගෙන ජීවත්වෙයි. ඒ තුළ මානව ගුණධර්ම ඉතා ශීඝ්‍රයෙන් පහත ගොස් ඇත .විවිධ කායික රෝග බාධා තත්ත්වවලට ගොදුරු වී සිටි මේ තත්ත්වය තුළ ආර්ථික වශයෙන් පිරිහුණු තත්ත්වයකින් සිටින විට ඔවුන්ගේ පිරිහීම ඉතා ශෝකජනක ය . සමාජය තුළ දරිද්‍රතාවය ඉහ වහා ගොස් ඇති නිසා බොරුව, සොරකම, දුරාචාරය හැමතැන ම දක්නට ඇත .
මේ දෙස බලා මගේ ප්‍රශ්න විසඳා ගැනීම මා තනිවම කරන්ට යෑම තුළ රටේ සිටිය යුතු බොහෝ දෙනා රට හැරයාම වළක්වාලිය නොහැකි ය. වගකිවයුතු ආණ්ඩුවක් වශයෙන් රටක ඇති මානව සම්පත් ආරක්ෂා කරගත යුතු වුවද බලය ඇති ඇත්තහුම කිසිදු වුවමනාවක් නැත. පොදුවේ බලහත්කලින් අදාර එසේ වනවාසේ ම එයින් සිංහල බෞද්ධයා වශයෙන් ඉතා පහත් අඩියක සිටින බව කිව යුතු ය .ජාතික නායකත්වයක් නැත. ආගමික නායකත්වයක් නැත. දේශපාලන නායකත්වය තුළින් සියල්ල සිදුවේයැයි බලාපොරොත්තුවක් තිබුණ ද එය එසේ සිදුවන්නේ නැත. එබැවින් හෙළ බොදුනුවන්ගේ යහපත සඳහා අප විහාරස්ථානය මගින් ප්‍රාදේශීය මට්ටමින් හෝ කටයුතු කිරීමට ක්‍රියා කිරීමට ඉදිරියට ආ යුතු බව මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමිි.
• සංස්කෘතික හා ජාතික සේවා අංශය
• සමාජ සේවා හා සුබසාධක අංශය යන අංශ මගින් අපේ ගමන යාමට දිරිමත් කරයි