1958

මල්ලිකාරාම මහා විහාරස්ථානයේ ආරම්භය

එකල වජිරාරාමයේ වැඩ සිටි වැලිගම ඤාණරතන මහානායක මාහිමිපාණන් වහන්යස්ට අවශ්‍ය යමක් ඇත්නම් දන්වන්නැයි සාමවිනිසුරු ඩී.ජේ. කොඩිතුවක්කු හේවාමල්ලිකා මැතිතුමන් දැනුම් දුන් පසු තමන් වහන්යස්ට ‌කොළඹට නුදුරින් ආවාසයක් කරවා දෙන්නේ නම් මැනවැයි කී පසු එකල සොයිසා වත්ත කට්ටි කර විකුණමින් පැවති බැවින් විහාරස්ථානයකට සුදුසු බිම් කොටසක් තෝරාගෙන පර්චස් 30 ක පමණ ප්‍රමානයක් මිලදීගෙන පූජා කරන ලදින් 1958 මැයි මස 28 වන දා ප.ව. 2.35 ට පමණ පළමු පස් පිඩැල්ලල කැපීමෙන් හා රාත්‍රී 8.10 ට පමණ මුල්ගල තැබීමෙන් විහාරස්ථානයේ වැඩ ඇරඹිණි.

විහාරස්ථාන භුමියේ පිහිටා ඇති වැදගත් ස්ථාන

මල්ලිකාරාම විහාරස්ථානයේ පිහිටා ඇති වන්දනීය ස්ථාන

බෝධීන් වහන්සේ

මල්ලිකාරාම මහා විහාරයේ ශාන්ත භූමිය තුළ පිහිටා ඇති ගෞරවනීය බෝධි වෘක්ෂය, විහාරස්ථානය ආරම්භයේදී රෝපණය කරන ලදුව දශක ගණනාවක් පුරා විහාරස්ථානය වෙත පැමිණෙන බැතිමතුන්ගේ නොමද පුද පුජාවන්ට භාජනය වෙමින් සුවහසක් ගිහි පැවිදි උතුමන්ට භාවනාව සහ බුදුදහමේ ගැඹුරු ඉගැන්වීම් සමඟ සම්බන්ධ වීමට ඉඩක් සලසමින් විරාජමානව වැඩ හිඳී. 

චෛත්‍ය රාජයාණන් වහන්සේ

සදාකාලික ශාන්තියේ ගම්භිරත්වයෙන් මල්ලිකාරාම විහාර භුමිය තුල නැගී සිටින චෛත්‍ය රාජයාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ සර්වඥය ධාතුන් වහන්සේලා දරා සිටිමින්, නිස්කලංක භාවයෙන් යුතුව වන්දනාකරුවන්ට චාරිත්‍ර වාරිත්‍රවලට සහභාගී වීමටත්, ඔවුන්ගේ අධ්‍යාත්මික ගමන ගැන මෙනෙහි කිරීමටත්, බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලින් සැනසීම ලබා ගැනීමටත් ආරාධනා කරයි.

විහාර මන්දිරය

මල්ලිකාරාම මහා විහාරයේ ආධ්‍යාත්මික තෝතැන්න හරහා යමෙකු ගමන් කරන විට, විහාර මන්දිරය ශ්‍රී ලාංකීය කලා කෞශල්‍යයේ හා ශ්‍රද්ධාවේ ප්‍රතිමුර්තියක් ලෙස දැකිය හැකි වනු ඇත. විහාර මන්දිරය අලංකාර කරන, බුද්ධ චරිතයේ සුවිශේෂී තැන් අලලා නිර්මාණය කර ඇති අතිවිශිෂ්ට බිතුසිතුවම් සහ පිළිම වහන්සේලා ගෙන් සමන්විත මෙම ශුද්ධ වූ අවකාශය බැතිමතුන්ට තම ශ්‍රද්ධාව තවදුරටත් ඔපමට්ටම් කරගැනීමට ආරාධනා කරයි.

විහාරස්ථානයේ උරුමය

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පූජනීය ශ්‍රී සද්ධර්මයේ උන්නතිය වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් වසර හැටකට අධික කාලයක් පුරා වැජබෙන මල්ලිකාරාම මහා විහාරය ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ නොමැකෙන නාමයක් සනිටුහන් කල ගෞරවනීය භික්ෂූන් වහන්සේලා රැසකට සත්කාරකත්වය සැපයු උතුම් භූමියකි.

වත්මන් විහාරාධිපතීන් වහන්සේ

රත්මලාන මල්ලිකාරාම මහා විහාරය, වැල්ලවත්ත ශ්‍රී විජයාරාමය යන උභය විහාරාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ බස්නාහිර පළාතේ උපක් ප්‍රධාන සංඝනායක,තත් නිකායේ සම ලේඛකාධිකාරී ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටකවේදී, පරම පූජනීය රණස්ගල්ලේ ඤාණවීර නායක මාහිමිපාණන් වහන්සේ.

  • උපන් ස්ථානය
    වයඹ පළාත, කුරුණෑගල, රණස්ගල්ල ග්‍රාමය
  • උපන් දිනය
    1958-11-27 දින
  • පවුලේ විස්තර
    පීරිස්ගේ සෝමාවතී මෑණියන්.

    ජයසිංහ ආරච්චිගේ දීර සේකර පියාණන්. 
    පවුලේ සහෝදරියන් පස් දෙනෙකු සහ එක් සහෝදරියකි.
  • ගිහි නාමය
    ජී. ඒ. සිරිවර්ධන.
  • සසුනට පූජා කරන ලද්දේ
    1970-03-16 දින අලව්ව,වීදියවත්ත ග්‍රාමයේදී දෙමාපියන් අතින් පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහනාසමිඳුන් වෙත භාර කරන ලදී. නා සමිඳුන් එදිනම රත්මලාන මල්ලිකාරාමය ඇතුළු විහාර ගණයේ අධිපතිව වැඩ විසූ වැලිගම ඤාණරතන නා සමිඳුන් වෙත භාර කරන ලදී.
  • පැවිදි වූ දින
    වර්ෂ 1970- 05 – 21
  • උපසම්පදාව
    වර්ෂ 1978 

අධ්‍යාපන කටයුතු
මල්ලිකාරාම මහා විහාරස්ථ ශ්‍රී ධර්මරක්ෂිත ත්‍රිපිටක ධර්මායතන මූලික පිරිවෙනෙන් මූලික අධ්‍යාපනයත්, අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයෙන් ත්‍රිපිටකවේදී උපාධිය ද, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් රාජකීය පණ්ඩිත උපාධිය ද, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හා උපාධිය ද ලබන ලදී.

ශාසනික සේවය
විහාරස්ථ ශ්‍රී ධර්ම රක්ෂි ත්‍රිපිටක ධර්මායතන මූලික පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙසත්, සිරි වජිරඤාණ දහම් පාසලේ ප්‍රධානාචාරයන් වහන්සේ ලෙසත් ඉතා වටිනා සේවයක් සිදු කරන ලදී. එමෙන්ම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ සමස්ත රටවාසී ලෝකවාසී ජනතාවට දම් රස බෙදා දුන්හ.

ආගමික සේවය
විහාරස්ථ ගාමිණී තරුණ බෞද්ධ සංගමය, කාර්ය සාධක සමිතිය, පිසාකා කුලඟන සමිතිය හා එක්ව ප්‍රදේශය තුළත් රට තුලත් උතුම් ආගමික මෙහෙයක නිරත විය.

ජාතික හා සමාජීය සේවය
මල්ලිකාරාම සරණ පදනම පිහිටුවා තිස් වසරක් මුළුල්ලේ රට තුළ පැවැති කුරිරු යුද්ධයෙන් දෙපා අහිමි වූ විරෝධාර රණවිරුවන් වෙනුවෙන් කෘතිම පාද 2000 කට අධික ප්‍රමාණයක් ලබාදීමට මූලික විය. එසේම යුද ගිනි දැල් ඇවිලි සමයේ උතුරු නැගෙනහිර මායිම් ගම්මාන කරා වැඩමවා සහෝදර ජනතාවට එම ප්‍රදේශ ජීවත්වීමට උචිත ප්‍රදේශ බවට පත් කිරීමට කැපවුණි. එසේම ත්‍රිවිධ හමුදාව පොලිසිය හා ආරක්ෂක අංශ සමග එක්ව සුනාමි උවදුර, ගංවතුර ආපදා, නාය යෑම්, වසංගත රෝග ආදී විපත්තිකර කාලයන්හිදී ජනතාව වෙනුවෙන් ඇප කැප වී අප්‍රකටවමුත් අති උදාර සමාජ සත්කාරයන් සිදුකළහ.

මල්ලිකාරාම මහා විහාරස්ථානය

විහාරස්ථානය සමග සම්බන්ධව සිටි යතිවරුන් වහන්සේලා

මල්ලිකාරාම මහා විහාරය ශ්‍රී ලාංකීය බෞද්ධ පුනරුදයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රකට භික්ෂූන් වහන්සේලා රැසකට ගෞරව සත්කාර කිරීමේ භාග්‍යය ලද පුණ්‍ය භූමියකි.

  • ඌරුගමුයේ සේනානන්ද මාහිමි 
  • දෙවලපොළ සිරිධම්ම මාහිමි
  • පැළෑණේ සිරි වජිරඤාණ මහනාාහිමි
  • බේරුවල සිරිනිවාස මහනාහිමි
  • කලුකොඳයාවේ ප්‍රඥාශේඛර නාහිමි
  • වැලිවිටියේ සෝරත නාහිමි
  • මඬියහ් සිරි පඤ්ඤාසීහ මහනාහිමි
  • කඹුරුගමුවේ මහානාම මාහිමි
  • අම්පිටියේ රාහුල මාහිමි
  • තල්අරඹේ පියරතන මාහිමි
  • වජිරාරමයේ සෝම මාහිමි
  • හබරාදුව නන්ද මාහිමි
  • මතුරට පේමරතන මාහිමි
  • අහංගම සෝමරතන මාහිමි
  • මාකඳුගොඩ පඤ්ඤාවංස මාහිමි
  • කපුගම ධම්මින්ද මාහිමි
  • තංගල්ලේ දේවානන්ද මාහිමි
  • අහංගම ගුණානන්ද මාහිමි
  • කොග්ගල පඤ්ඤායමෝලි මාහිමි
  • කොග්ගල රෝහන මාහිමි
  • තංගල්ලේ ධීරාලංකාර මාහිමි
  • බුරුම ඤාණින්ද මාහිමි
  • වජිරාමයේ ඛේයමින්ද මාහිමි
  • වාද්දුවේ විජිතවංස මාහිමි
  • අහංගම ධම්මාරාම මාහිමි
  • අහංගම ආනන්ද මාහිමි
  • ගල්කිස්සේ සුමංගල මාහිමි
  • දික්වැල්ලේ ධම්මාලංකාර මාහිමි
  • කපුගම සුමනවංස මාහිමි
  • වජිරාරාමයේ පියදස්සී මාහිමි
  • වළස්ගල පුණ්ණජී මයුරවංස මාහිමි

මල්ලිකාරාම මහා විහාරස්ථානය

විහාරස්ථානය සමග සම්බන්ධව සිටි යතිවරුන් වහන්සේලා

මල්ලිකාරාම මහා විහාරය ශ්‍රී ලාංකීය බෞද්ධ පුනරුදයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රකට භික්ෂූන් වහන්සේලා රැසකට ගෞරව සත්කාර කිරීමේ භාග්‍යය ලද පුණ්‍ය භූමියකි.

  • ඌරුගමුයේ සේනානන්ද මාහිමි 
  • දෙවලපොළ සිරිධම්ම මාහිමි
  • පැළෑණේ සිරි වජිරඤාණ මහනාාහිමි
  • බේරුවල සිරිනිවාස මහනාහිමි
  • කලුකොඳයාවේ ප්‍රඥාශේඛර නාහිමි
  • වැලිවිටියේ සෝරත නාහිමි
  • මඬියහ් සිරි පඤ්ඤාසීහ මහනාහිමි
  • කඹුරුගමුවේ මහානාම මාහිමි
  • අම්පිටියේ රාහුල මාහිමි
  • තල්අරඹේ පියරතන මාහිමි
  • වජිරාරමයේ සෝම මාහිමි
  • හබරාදුව නන්ද මාහිමි
  • මතුරට පේමරතන මාහිමි
  • අහංගම සෝමරතන මාහිමි
  • මාකඳුගොඩ පඤ්ඤාවංස මාහිමි
  • කපුගම ධම්මින්ද මාහිමි
  • තංගල්ලේ දේවානන්ද මාහිමි
  • අහංගම ගුණානන්ද මාහිමි
  • කොග්ගල පඤ්ඤායමෝලි මාහිමි
  • කොග්ගල රෝහන මාහිමි
  • තංගල්ලේ ධීරාලංකාර මාහිමි
  • බුරුම ඤාණින්ද මාහිමි
  • වජිරාමයේ ඛේයමින්ද මාහිමි
  • වාද්දුවේ විජිතවංස මාහිමි
  • අහංගම ධම්මාරාම මාහිමි
  • අහංගම ආනන්ද මාහිමි
  • ගල්කිස්සේ සුමංගල මාහිමි
  • දික්වැල්ලේ ධම්මාලංකාර මාහිමි
  • කපුගම සුමනවංස මාහිමි
  • වජිරාරාමයේ පියදස්සී මාහිමි
  • වළස්ගල පුණ්ණජී මයුරවංස මාහිමි

මල්ලිකාරාම විහාරස්ථානයේ සදහම් දේශනා

මල්ලිකාරාම මහා විහාරස්ථානයේ

විහාරස්ථානය සමග සම්බන්ධ වැදගත් ගිහි පිංවතුන්

සුප්‍රකට වයාපාරික සාමවිනිසුරු ඩී. ජේ. කොඩිතුවක්කු හේවාමල්ලිකා
මැතිතුමා සහ මැතිණිය. ( විහාරය කරවා පූජා කළ)
ගාමිණී කොඩිතුවක්කු හේවාමල්ලිකා පුතණුවන්
නිමලී කොඩිතුවක්කු හේවාමල්ලිකා දියණියන්
තිස්ස කොඩිතුවක්කු හේවාමල්ලිකා පුතණුවන්
නන්ද කොඩිතුවක්කු හේවාමල්ලිකා පුතණුවන්
පණ්ඩු කොඩිතුවක්කු හේවාමල්ලිකා පුතණුවන්

  • එඩ්මන් සමරවික්‍රම මන්ත්‍රීතුමා
  • පර් සි සමරවික්‍රම මහතා
  • විදුහල්පති අහංගම යූ.කේ. ආරියරත්න මහතා
  • දෛවඥ ඇන්තනී තෝමස් මහතා
  • නියෝජ්‍ය තැපැල් පරිපාලක සී. කුරුකුලසූරිය මහතා සහ මහත්මිය
  • ජී. එම්. ඩී. හින්නිඅේපුහාමි මැතිණිය
  • ලාල් කුරුකුලසූරිය මහතා
  • ශ්‍රියා ප්‍රනාන්දු මහත්මිය
  • මියුරියල් පෙරේරා මහත්මිය
  • එල්. පී. ඩබ්ලිව්. ඩයස් මෙනවිය
  • මේජර් ජෝර්ජ් රණතුංග මහතා
  • ඩී. ජී. ජී. පතිරත්න මහතා
  • විමලා ඩයස් මෙනවිය
  • මේජර් ඩී. ඩී. අමරවර්ධන මහතා
  • ජේ. ද එස්. අබේධීර මහතා
  • පරිපාලන නිළධාරී ඕල්කට් ගුණසේකර මහතා
  • ඩෙන්සිල් ඩබ්ලිව්. පෙරේරා මහතා
  • සහබන්දු මහත්මිය
  • රත්නා කුලතුංග මහත්මිය
  • කේ. ඩබ්ලිව්. කරලිනාහාමි මහත්මිය
  • ටී. ඒ. හේමපාල මහතා
  • ආණ්ඩුකාර විලියම්ය ගොපල්ලව මහතා
  • සාමවිනිසුරු ඒ. ජී. හින්නිඅප්පුහාමි මැතිතුමා (මැලිබන් අධිපති)
  • නිතීඥා එච්. ඊ. එස්. වික්‍රමරත්න මහතා
  • සාමවිනිසුරු ඩබ්ලිව්. පී. එෆ්. චන්ද්‍රරත්න මැතිතුමා
  • එඩ්මන් සමරවික්‍රම මන්ත්‍රීතුමා
  • පර් සි සමරවික්‍රම මහතා
  • විදුහල්පති අහංගම යූ.කේ. ආරියරත්න මහතා
  • දෛවඥ ඇන්තනී තෝමස් මහතා
  • නියෝජ්‍ය තැපැල් පරිපාලක සී. කුරුකුලසූරිය මහතා සහ මහත්මිය
  • ජී. එම්. ඩී. හින්නිඅේපුහාමි මැතිණිය
  • ලාල් කුරුකුලසූරිය මහතා
  • ශ්‍රියා ප්‍රනාන්දු මහත්මිය
  • මියුරියල් පෙරේරා මහත්මිය
  • එල්. පී. ඩබ්ලිව්. ඩයස් මෙනවිය
  • මේජර් ජෝර්ජ් රණතුංග මහතා
  • ඩී. ජී. ජී. පතිරත්න මහතා
  • විමලා ඩයස් මෙනවිය
  • මේජර් ඩී. ඩී. අමරවර්ධන මහතා
  • ජේ. ද එස්. අබේධීර මහතා
  • පරිපාලන නිළධාරී ඕල්කට් ගුණසේකර මහතා
  • ඩෙන්සිල් ඩබ්ලිව්. පෙරේරා මහතා
  • සහබන්දු මහත්මිය
  • රත්නා කුලතුංග මහත්මිය
  • කේ. ඩබ්ලිව්. කරලිනාහාමි මහත්මිය
  • ටී. ඒ. හේමපාල මහතා
  • ආණ්ඩුකාර විලියම්ය ගොපල්ලව මහතා
  • සාමවිනිසුරු ඒ. ජී. හින්නිඅප්පුහාමි මැතිතුමා (මැලිබන් අධිපති)
  • නිතීඥා එච්. ඊ. එස්. වික්‍රමරත්න මහතා
  • සාමවිනිසුරු ඩබ්ලිව්. පී. එෆ්. චන්ද්‍රරත්න මැතිතුමා

මල්ලිකාරාම මහා විහාරස්ථානයේ සමිති

විශාඛා කුළඟන සමිතිය

ප්‍රදේශවාසී සැදැහැති කාන්තාවන්ගේ බලවත් වුවමනාවෙන් රත්මල් මාවතේ සහබන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතුව 1960 වසරේ දී සමිතිය ආරම්භ වූයෙන් සතර පේරුවේ සැදැහැති කුලකාන්තාවන්ට සංවිධානාත්මකව පින්කම් සිදු කර ගැනීමට මෙම සමිතිය මහත් පිටුවහලක් විය.

ගාමිණී තරුණ බෞද්ධ සමිතිය

ප්‍රදේශයේ තරුණ පිරිස් යහමගට ගනිමින් බෞද්ධ ගති සිරිත් ගරු කරන තරුණ පරපුරක් නිර්මාණය කිරීමේ පවිත්‍ර චේතනාවෙන් මෙම සමිතිය පිහිටුවන ලදී.

මුලින් පරිපාලන නිලධාරියෙකු වූ ඕල්කට් ගුණසේකර මහතා සභාපති ධුරය හෙබවූ අතර පසුව එතුමා කාර්ය බහුල වූ බැවින් ගොරකානි ඩෙන්සිල් ඩබ්ලිව් පෙරේරා මහතා සභාපති තනතුරට පත්විය. ඉතා ආදර්ශ සම්පන්නව කටයුතු කළ එතුමා එම සමිතියේ පමණක් නොව මල්ලිකාරාම මහා විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකළේය.

මල්ලිකාරාම කාර්ය සාධක සමිතිය

විහාරස්ථානයේ දියුණුව සහ දායක දායිකාවන්ගේ ගුණදහම් වගාව පිණිස 1960 ජනවාරි 24 වනදා අතිගරු මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මල්ලිකාරාම කාර්ය සාධක සමිතිය නමින් සංගමයක් පිහිටුවන ලදී. එහි පැවිදි අනුශාසකවරුන් වශයෙන් මහ නාහිමියන් හා වැලිගම ඤාණරතන අනුනාහිමියන් (ව්හාරාධිපති) ද, ගිහි අනුශාසක වශයෙන් ඩී.ජේ. කොඩිතුවක්කු හේවා මල්ලිකා සාම මිනිසුරුතුමන්ද, ප්‍රධාන සභාපති වශයෙන් නියෝජ්‍ය තැපැල් පරිපාලක සී.කුරුකුලසූරිය මහතාද ප්‍රධාන ලේකම් වශයෙන් මේජර් ජෝර්ජ් රණතුංග මහතා , භාණ්ඩාගාරික වශයෙන් ඩී.ජී.ජී පතිරත්න මහතාද, එසේම කාරක සභිකයන් 25 දෙනෙකුද තෝරා පත් කර ගන්නා ලදී. මහ නා හිමිපාණන් වහන්සේ විසින් ඉතා හොඳ ව්‍යවස්ථාවක් ද සකසා දෙන ලදී. කාර්ය සාධක සමිතිය පිහිට වීම හේතුවෙන් ප්‍රදේශයේ ලොකු කුඩා සැවොම ඉතා උනන්දුවෙන් පින් දහම් වල නිරත වූහ.

සිරි වජිරඤාණ දහම් පාසල

1960 වසරේ අග භාගයේ දී අති ගෞරවනීය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් සිරි වජිරඤාණ නමින් දහම් පාසල ආරම්භ කරන ලදී. එහි කළමනාකාර ධූරයට මේජර් ඩී.ඩී අමරවර්ධන මහතාට පවරන ලදින් විහාරාධිපතීන් වහන්සේ හා රාජකීය විද්‍යාලයේ ආචාර්යවරයෙකු වන ජේ.ද.එස් අබේදීර මහත්මා ඇතුළු ගුරු මඩුල්ලකින් මූලික කටයුතු ආරම්භ කරන ලදී. ආරම්භයේදීම පළමු ශ්‍රේණියේ පටන් කනිෂ්ඨ පන්තිය දක්වා ස්ථාපිත කරන ලදී.

විවිධ පින්කම් හා උත්සව

මල්ලිකාරාම මහා විහාරය, විවිධ පින්කම් හා ආධ්‍යාත්මික වැඩසටහන් නිරතුරුවම පවත්වන පුණ්‍ය භූමියකි.

2024 දහම් පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවය

2024-11-27 වැනි දිනට යෙදුණු අති ගෞරවනීය අප ලොකු හාමුදුරුවන් වහන්සේගේ 66 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2024-12-01 වැනි දින කතරගම පූජා භූමිය කේන්ද්‍ර කර ගනිමින් අසිරිමත් පින්කම් මාලාවක් සංවිධානය කොට පවත්වන ලදී. එහිදී පළමුව කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේට කිරි ආහාර පූජාවන් පවත්වා විශේෂ ආශිර්වාදාත්මක සම්බුද්ධ පූජාවන් පැවැත්වීම හා සෙත් පිරිත් සජ්ඣායනය.

රත්මලාන මල්ලිකාරාම මහා විහාරයේ කඨින පූජෝත්සවය -2024

08-27 කහටගස්දිගිලිය බෙහෙත්කෑව නම් ගම්පියසෙහි ගැබිනිමාතාවන් වෙනුවෙන් රත්මලානේ මල්ලිකාරාම විහාරස්ථානය මගින් ඉටුකළ තවත් සමාජ සත්කාරක්ෙසේම මෙහිදී ඉගෙනගන්නාවු ළමුන් වෙනුවෙන් ඉගෙනුම් උපකරණ පරිත්‍යාගයක් ද සිදුකරණ ලදී

පරිත්‍යාග

ගිණුම් විස්තර - ලංකා බැංකුව

මල්ලිකාරාම මහා විහාරස්ථානය
ගිණුම් අංකය: 0000228918
ලංකා බැංකුව
රත්මලාන

Scroll to Top